කෝ මේ කෙල්ල..?

ආවදෙන්කො අද නම්...
පාර හරිම නිස්කලංකයි.. කිසිම කලබලයක් නෑ...
අන්න වඩේ ඇන්ටි එනව.. නැවතිල මගේ මූණ දිහා දුකෙන් වගේ බලන් ඉදල ඊයෙ වගේම මට වඩේ කවරයක් දීල ගියා... අපි දෙන්න ඇන්ටිගෙන් හැමදාම වඩේ කන නිසා වෙන්නැති...
ආ... අදත් සල්ලි දෙන්න බැරි උනා..
කෝ ඇන්ටි... එයා යනව.. හෙටම දෙනව එහෙනම්...
අදවත් ඔයා මං ආස අර නිල් පාට ගවුම ඇදන් ඒවිද දන්නෙ නෑ... ඒකට ඔයා කොච්චර ලස්සනද..? ඇස් රිදෙනකල් ඔයා දිහා බලාගෙන භාවනා කරනව මං...
"මොනවද බලන්නෙ..?"
ඔයා අහන්නෙ උත්තරයක් බලාගෙන නෙවි... ඉතිං උත්තර නොදී බලන් ඉන්නව මමත්.. දන්නවද ඔය ඇස් දෙක මට කියන දේවල්.....
ආහ්.. ඔන්න එනව බලු තඩියවත් ඇදගෙන අර ලන්සි මැඩම්... එයාට ලන්සි මැඩම් කියල නම දැම්මෙත් ඔයානෙ...
බලු තඩිය හැමදාම ඔයා ළගට ඇවිත් කකුල් දෙක ලෙවකාල මට ගොරවල යන්නෙ... ඉතිං මට තද වෙනව.. ලන්සි මැඩම් මාත් එක්ක තරහ මම ඒකට සැර කරනව කියල... කොහෙද.. මම සැර කරන්න හදනකොටම ඔයා මගෙ අතින් අල්ල ගන්නව... අතේ තියන වඩේ එක බලු තඩියට දීල මගෙ අතේ තියන වඩේ එක ඔයා කනව...
"පුදුම කෙල්ලෙක් මේක නම්..."
මම එහෙම කිව්වම ඔන්න දානව අර මායම් හිනාව...
"ඕක දාල තමයි මාව අල්ල ගත්තෙ..."
"අපෝ.. වැඩේමයි..."
ඔන්න ඉතින් පොඩි එකී වගේ හුරතල් වෙනව... ඒ මල් හිනාව නම් ඉනාවක්...
තාමත් නෑනෙ ඉතිං මේ කෙල්ල... ඊට පස්සෙ ආව ගමන් යන්න හදනව...
"සුදූ... මං යන්නද..?"
මං ඉතිං එපා කියන්නයැ... ඒත් දෙවියනේ.. එක හිතකින් කොහොමද කියන්නෙ මම යන්න කියල ඔයාට..? හැමදාම ළගින් තියාගන්න ලැබේවිනෙ දවසක...
"ලෝ.. බ.. යි මේ අත අ තා රි න් . .න..."
"රෑ වෙනවනෙ රත්තරං..."
"හ්ම්..."
හදවත ගලවල අරන් යනව වගේ.. ඔයා යනව.. වංගුව ගාවින් හැරිල බලනකල්ම මාත් බලං ඉන්නව..
එක පාරටම කලුවර වැටුන වගේ...
අද නම් ඔයා එන්නැතිවෙයිද මන්ද... ඊයෙත් ආවෙ නෑනෙ... මාව නොදැක එක දවසක්වත් ඉන්න බැරි කෙල්ල...
ගිහින් බලන්න ඕනි ඔයාගෙ අලුත් බෝඩිම පැත්තෙ...
ගේට්ටුව ගාව මුරකාරයත් නෑ... කොහෙට හරි වෙලා බොනව ඇති... කොතනද ඔයා ඉන්නෙ.. ආ.. මට මතකයි... අලුත් මල් තිබුනෙ ඊයෙත්...
ම්ම්... මේ ඉන්නෙ හොර කෙල්ල...
ආස උනාට අල්ලන්න සුදු අත ඔයාගෙ, මට අහුවෙන්නෙ පස් විතරනෙ? මේ මල් වඩම කැතයි.. ඔයාගෙ කැම්පස් එකේ යාලුවන්ගෙන් ද කොහෙද.. අම්මල අදත් ඇවිත් ඉටිපන්දම් ගහල ගිහින් වගේ... මගෙ කෙල්ල නිදි ඇති...
ඇහැරවන්න ලෝබයි.. පෙරේද ඔයා නිදාගෙන උන්නු විදිය සිහිනැතිවෙන්න කලින් යාන්තමින් දැක්ක මට මතකයි... හ්ම්.. ඇහැරවන්නෙ නෑ අදත් ඔන්න මං...
හෙටවත් එන්න අරලිය ගහ ගාවට.. මං ඉන්නව ගල් බංකුවෙ.....
නියමය් මචන්, සුපිරි ඈ..
ReplyDeleteඑක හුස්මට කියවගෙන ගියා..
දිගටම ලියපන්, උබට හොද talent එකක් තියෙනව..
ජයවේවා..
thanks මචං...
Deleteසුපිරි අයියෙ......
ReplyDeletethankz malla
Deleteawsm malli.. its so touching.. i love it and keep it up..
ReplyDeletethanks akki,
DeleteWell done Hiru..the story is amazing and heartbreaking
ReplyDeletehmmmmm..............................
ReplyDeleteපට්ට විශ්ව අය්යෙ
ReplyDeletethanks bro
Deletesuper!
ReplyDeletewooow perfect......no words
ReplyDeleteThank you!! :)
Delete👍👍👍👍👍
ReplyDeleteසුපිරී විශ්ව බ්රෝ!!
ReplyDeleteමෙහෙම අවසානයක් වෙයි කියලා හිතුනේ නෑ.
වෙලාව තියේ නම් දිගට ලියන්න
ජය වේවා!!!